29 C
Colombo
Sunday, May 5, 2024

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබියේ පෙරලිකාර ජය

- Advertisement -

සුපිරි පාපන්දු තරුවක් වන ලයනල් මෙසී සමග තවත් පාපන්දු තරු පිරිවරාගත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත, පරාජයක් අත්කර දෙමින් ඓතිහාසික පෙරළියක් සිදු කරන්නට සවුදි අරාබියානු පාපන්දු කණ්ඩායම සමත් වුණා.

මුළු තරගය පුරා ම සමස්ත ආධිපත්‍යය රඳවා ගන්නට ආජන්ටිනා කණ්ඩායම සමත් වී තිබුණද එම පාලනය ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ආජන්ටිනා කණ්ඩායම ගෝලය වෙත ප්‍රහාර 15 ක් එල්ල කරද්දී සෞදි අරාබියානු කණ්ඩායම ගෝලය වෙත ප්‍රහාර එල්ල කර තිබුණේ 3 ක් පමණයි.

එම ප්‍රහාර අතරින් ආජන්ටිනා කණ්ඩායම නියමිත ඉලක්කයට ගෝල ප්‍රහාර 6 ක් එල්ල කළද සෞදි අරාබියානු දැල රකින්නාගේ දක්ෂතා හේතුවෙන් ඒවා සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුනේ නැහැ.

නමුත් සෞදි කණ්ඩායම ගෝලය වෙත එල්ල කළ ප්‍රහාර තුනෙන් දෙකක් ම ගෝල බවට පෙරලා ගන්නට එම ක්‍රීඩකයින් සමත් වීම ඔවුන්ට මේ ජයග්‍රහණයට මඟ පෑදුවා.

සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී තරගයේ 10 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ආර්ජන්ටිනාව වෙනුවෙන් එකම ගෝලය ලබා ගත්තා.

Al Shehr තරගයේ 48 වැනි මිනිත්තුවේදීත් Al Dawsari 53 වැනි මිනිත්තුවේදීත් සෞදි ආරාබිය වෙනුවෙන් ගෝල රැස් කළා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...