27 C
Colombo
Monday, May 6, 2024

සිංහරාජයේ රාජපක්ෂලාගේ හෝටලය නියෝජ්‍ය කතානායක රාජපක්ෂට භාරදීලා

- Advertisement -

සිංහරාජයේ පිහිටා ඇති රෝහිත රාජපක්ෂට අයත් හෝටලයේ කටයුතු මේ වන විට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යටතේ සිදු කරමින් පවතින බව හෙළිව තිබෙනවා.

Sinharaja Green Eco Lodge නම් මෙම හෝටලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂට අයත් බවට පරිසරවේදීන් විසින් කරුණු අනාවරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය මැයි මස 09 වෙනිදා රට තුල ඇතිවු කලහකාරී තත්වය සමඟ යම් පිරිසක් විසින් මෙම හෝටලයට ගිනි තබා විනාශ කර තිබුණා.

පසුව පොලිසිය සඳහා කළේ මෙම හෝටලය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් එකක් බවයි.

හෝටලය අවට ඉඩම් සිය දේශපාලන බලය යොදා ගනිමින් අත පත් කරගනිමින් පරිසර නීති අණපනත් උල්ලංඝනය කරමින් අදාළ හෝටලය පවත්වාගෙන යන බවට පරිසරවේදීන් විසිනි දිගින් දිගටම එම හෝටලයේ හිමිකරුවන්ට චෝදනා එල්ල කරනු ලැබුවා.

මේ වන විට අනාවරණය වී තිබෙන්නේ අදාල හෝටලයේ හිමිකාරීත්වය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් භාරගෙන ඇති බවයි.

පරිසරවේදී සජීව චාමිකර මහතා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම හෝටලේ සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ තවදුරටත් මෙම හෝටලය අවට ඉඩම් වනසා දමමින් පරිසර විනාශය සිදුකිරීමට අදාල පිරිස් කටයුතු කරමින් සිටින බවයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...