30 C
Colombo
Thursday, May 2, 2024

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබූ පාසල් සිසුවා, තුෂේන්

- Advertisement -

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩකයින් තේරිම සඳහා පැවත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය ඊයේ දියගමදී නිමාව දකිද්දී ක්‍රීඩකයින් සිව්දෙනෙක් ශූරතාවලිය සඳහා අවශ්‍යය සුදුසුකම් සපුරා තිබුණා.

ඒ අතර විශේෂ තැනක් ගත්තේ පළමු අවස්ථාවේදී තේරීම් තරගවලට ඇතුළත් නොකර තිබූ රිටි පැනීමේ ඉසව්ව ඊට ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරමින් රිටි පැනීමේ ඉසව්ව සඳහා තනිව තරග කළ මීගමුව මාරිස්ටෙල්ලාවේ තුෂේන් සිල්වා එම තරගාවලියට සහභාගි වීමට නියමිත උස තරණය කරමින් ඊට සුදුසුකම් ලබා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ගේ දැණුම සහ අවධානය කෙතරම් තාර්කිකද,යාවත්කාලීනව ද යන්න මෙම ඉසව්ව මුල් අවස්ථාවේදි ඇතුළත් නොකිරීමෙන් දැන ගන්නට හැකිය.මේ වන විට කාන්තා ජාතික වාර්තාලාභිණිය වන සචිනි පෙරේරා එක දිගට වාර්තාව අලුත් කරමින් ඉදිරියට ආවත් තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගන්නට ජාත්‍යන්තර පුහුණුවක් නොව තරග අවස්ථාවක් හෝ නොමැති නිසා මැද පෙරදිග රැකියාවකට ගොස් ඇත.
තුෂේන් වර්ථමානය සචිනිගේ හිස් තැන පුරවමින් දස්කම් ඉදිරියට ගෙන එමින් සිටින ඉමාෂා උදයංගනී ද සිල්වා ගේ සොහොයුරා වන අතර මේ තිදෙනාගේම පුහුණුකරු සනත් ගුණරත්න ය.

තුෂේන් දැක් වූ දක්ෂතාවය මීටර් 4.65 කි.

එසේම මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 52.18 ක කාලයකින් අවසන් කළ අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අයෝමාල් අකලංක ද ආසියානු යොවුන් සූරතාවලියේ කඩඉම තරණය කරන්නට සමත් විය.අනුර බණ්ඩාරගේ මඟ පෙන්වීම ලබන අයෝමාල්ගේ වයසට අදාළ වන කඩුල්ලේ උස මීටර් 0.838 ක් ය.යොවුන් නොවන ප්‍රධාන ධාරාවේ ඉසව්වක කඩුල්ලක් මීටර් 0.914 කි.

උස පැනීමේ ඉසව්වේදී මීටර් 2.00 ක දක්ෂතාවය දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ලෙසඳු අර්ථවිදු සහ එම උසම තරණය කර දෙවන තැනට ආ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ නිලුපුල් පැහැසරත් අවශ්‍ය පරිසාධනය අභිබවා ආසියාතික යොවුන් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.අර්ථවිදු පුහුණුව ලබන්නේ ගීත් සතරසිංහ යටතේ වන අතර නිලුපුල් කීර්ති කුමාර යටතේ පුහුණුව ලබන්නේය.අර්ථවිදු ඉකුත් වසරේද මේ තරගාවලියට සහභාගි වූ අතර ඔහු එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

සටහනේ ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ තුෂේන් ය.


RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...