28 C
Colombo
Sunday, May 5, 2024

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ගැන පැමිණිල්ලක්

- Advertisement -

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිසා තමන් දැඩි සමාජීය හා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටින්නේ යැයි චෝදනා කරමින් ගාල්ල දංගෙදර රීගල් පාක් නිවාස සංකීර්ණයේ වැසියෝ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාට ලිපියක් යොමු කර ඇත.

සිය නේවාසික භාවිතය සඳහා වෙන් වූ ප්‍රදේශයක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පිහිටුවීම ඊට මූලික හේතුව යැයි ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් බැහැර වී එහි කටයුතු සිදුවීම නිසා කොවිඩ් වෛරසය පැතිර යා හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඔවුහු සිය ලිපියෙන් පවසති.

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවා ලබාගැනීමට පැමිණෙන්නන් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ප්‍රදේශය අවට අවදානම් තත්ත්වයක් ඇති නමුත් ඒ ගැන වෛද්‍ය නිලධාරින්ගේ අවධානය යොමු වී නැතැයි ද ඔවුහු පවසති.

මෙම කාරණය සම්බන්ධයෙන් වහා මැදිහත් වී සුදුසු පරිසරයක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පිහිටුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද රීගල් පාක් වැසියෝ සිය ලිපිය මගින් ගාල්ල නගරාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මීට පෙර ගාල්ල නගර සභා පරිශ්‍රයේ පිහිටුවා තිබූ අතර එය දංගෙදර රීගල් පාක් වෙත ගෙන ආවේ ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතා සහ වෛද්‍යවරුන් අතර ඇති වූ ආරාවුලකින් පසුය.


RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...