ජූලි 09 වනදා පැවති ජන අරගලයේදී ජනාධිපති මන්දිරයේ තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ධජය රැගෙන ගිය පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ අදාළ පුද්ගලයා එය රැගෙන ගොස් සිය ඇදෙහි ඇඳ ඇතිරිල්ල ලෙස එය භාවිතා කර ඇති බවයි.
එම පුද්ගලයා එය ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්ද නිකුත් කර තිබුණා.
එහිදී ඔහු සදහන් කළේ මෙම වීඩියෝවෙන් අනතුරුව එම ධජය පුළුස්සා දමන බවයි.