28.9 C
Colombo
Saturday, April 27, 2024

ජනාධිපතිට උපදෙස් දෙන්න උපදේශක කණ්ඩායමක්

- Advertisement -

බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්ත දේවරාජන් මහතා සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය යන අය මෙම කණ්ඩායමට ඇතුළත්.

මෙම සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීම බව සදහන්.


RECENT ARTICLES - SINHALA

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...