30 C
Colombo
Monday, March 20, 2023

මන්දිර වලට සිදුවූ හානිය ගැන විගණනයක්..! – ජනතාවට වූ හානිය කුණු ගොඩට

- Advertisement -

අරගලකරුවන් අතින් විනාශ වූ බව කියන ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පෞරාණික දේපළ රැසක් විනාශ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළා. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මන්දිරවල තිබී විනාශ වූ දේපළ අතර පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් තිබූ බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ නමුත් මන්දිර වල වෙසෙන දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මිය ගිය, දුක් විඳි ජනතාවට සිදු වූ අලාභය පිළිබඳව කිසිවෙකු සොයා බැලීමක් සිදු නොකරන බවයි සමාජ මතය වී ඇත්තේ.

මේ අතර, නියමිත කාලයට පෙර ඉවත්ව ගිය ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකු සතු වරප්‍රසාද හිමිවන බව ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා පවසනවා.

1986 අංක 4 දරන ජනාධිපතිවරයා ගේ හිමිකම් පිළිබඳ පනතේ හිටපු ජනාධිපතිවරයෙකු සඳහා හිමිවන වරප්‍රසාද සඳහන් වන අතර එහි ඔහු රැඳී සිටිය යුතු ධූර කාලයේ පිළිබඳව කිසිදු සඳහනක් නොකෙරෙන බවයි කොස්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට විශ්‍රාමික ජනාධිපතිවරකුට සහ ඔහුගේ බිරිඳට හිමිවන වරප්‍රසාද හිමි වනු ඇති බවයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.