31 C
Colombo
Saturday, July 27, 2024

පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් සදහන් නොකර අගමැතිගෙන් පාස්කු දින පණිවුඩයක්

- Advertisement -

සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ගෙන ආ ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෙන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යැයි පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එළඹෙන පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබූ විජයග්‍රාහී ප්‍රීතියේ සැමරුම් දිනය පාස්කුව බවයි.

පරිත්‍යගශීලි ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟාගර ගතහැකි අධ්‍යත්මික මාර්ගය මෙනෙහි කිරීමට පාස්කු දිනය සියලු දෙනාට වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළද මෙරට ඉතිහාසයේ ඛේදනීයම දිනයක් වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වින්දිතයන් හෝ වගකිව යුත්තන් පිළිබදව වසර තුනක් ගෙවෙන දිනයකදීත් කිසිදු සදහනක් නොමැති වීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...