31 C
Colombo
Sunday, May 26, 2024

පුෂ්පිකාට තවත් නඩුවක්

- Advertisement -

පසුගිය වසරේදී Mrs.Sri Lanka ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය එරෙහිව නඩු පැවරීමට විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා සූදානම් වනවා.

ඒ අනුව මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව ඔහුට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නඩු පැවරීම සිදුකෙරන බවයි ධනූ ඉනසිතම්බි මහතා සදහන් කරන්නේ.

එමෙන්ම පසුගියදා චන්දිමාල් ජයසිංහ මහතා සමඟ ධනූ ඉනසිතම්බි මහතා සිදුකල සම්මුඛ සාකච්ඡාවකට අදාළවද පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බැවින් රුපියල් මිලියන 200ක් ඉල්ලා නීතිඥවරියක් මාර්ගයෙන් එන්තරවාසි යොමුකර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ තමන්ගේ කීර්ති නාමයට පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය හානි කර ඇති බැවින් එම වරද නිවැරදි කර තමන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි.

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මීට පෙර පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යොමුකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නැත්තේ සජබේ විතරයි – සජිත්

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, සජිත්...

ලංකාවේ ලොකුම සන්ධානය අපි හදනවා – මහින්ද අමරවීර

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...