29.4 C
Colombo
Friday, April 26, 2024

ෆේස්බුක් දැමූ අදහසකට අත්අඩංගුවට ගැනීම නිසා සමාජ ක්‍රියාකරුවෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

- Advertisement -

ෆේස්බුක් අදහස් දැක්වීමක් හේතුවෙන් 2020 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනතා අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ඩිලාන් නාලක හා නීතීඥ තිෂ්‍යා වේරගොඩ මහතා අදාල පෙත්සම ගොනුකර තිබෙනවා.

චිරන්ත අමරසිංහ මහතා පවසන්නේ කොවිඩ් වින්දිතයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව සමාජ මාධ්‍යයන්හී තම මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ධූරයට පත්වී වසරක් පිරෙන දිනට පෙර තමා අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම ජංගම දුරකථන රැගෙන ගොස් වසරක් පිරෙන බවත් අමරසිංහ මහතා සදහන් කරනවා.

“මාව අත්අඩංගුවට ගත්තේ ඇයිද, මා කළ වරද කුමක්ද කියාවත් එයාලා දැනගෙන හිටියෙ නැහැ. එයාලට ඕන වුණේ මාව අත්අඩංගුවට ගන්න විතරයි. හේතු වැදගත් වුණේ නැහැ. ෆේස්බුක් එකේ මම දාපු කමෙන්ට්වලට CID එකෙන් මට හිංසා කරන්න හදනවා “


RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...