31 C
Colombo
Wednesday, March 19, 2025

ගමේ කඩපිලටත් බියර් හා වයින්

- Advertisement -

රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයන් සතු ව්‍යාපාරික ස්ථානවල බීර හා වයින් අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

මීට අදාළ ගැසට් පත්‍රය සඳහා ඊයේ දිනයේ තමන් අත්සන් කළ බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා සිල්ලර කඩ වැනි ස්ථානවලද බීර අලෙවි කිරීමට පසුගිය යහපාලන රජය සමයේදී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවසර ලබාදුන්නද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අම්‍යප ප්‍රතිපත්තිය හේතුවෙන් එම තීරණය අවලංගු කෙරුණා.

කෙසේවෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණියවන චතුරිකා සිරිසේන මහත්මියට යහපාලන රජය සමයේ මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...