27.9 C
Colombo
Saturday, April 27, 2024

මහේස්ත්‍රාත් නිදහස් කරන්නැයි කී ඇතින්නක් නිදහස් නොකරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

- Advertisement -

පසුගිය 06 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුල් අයිතිකරු වෙත භාරදීමට නියෝග කළ සුජීවා නැමැති ඇතින්න හා එම ඇතින්න බිහිකළ මාස 04 ක් වයසැති අලි පැටවා කිසිදු පාර්ශවයක් ලෙස මුදාහැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (22) වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින් ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සතුන් උදෙසා යුක්තිය නැමැති සංවිධාන විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කරනු ලැබූවා.

තම අධිකරණයේ මෙම නියෝගය වහාම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා වෙත හා පින්නවල රිදීගම ඇත්අතුරු සෙවණේ පාලකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසටද විනිසුරු මඩුල්ල අභියාකනාධිකරණයේ ලේඛකාධිකාරීවරයාටද නියෝග කළා.

එම පෙත්සම මෙන්ම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසිනු තවත් අලි ඇතුන් 14 දෙනකු මුදාහරිමින් නිකුත් කර තිබූ නියෝග අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් ගොනුකර තිබූ සෙසු පෙත්සම් සලකා බැලීම ලබන 29 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කරනු ලැබුවා.

නීතිඥ දිලුනි ද අල්විස්, නීතිඥ ලක්මිණි වරුෂවිතාන සහ නීතිඥ ශානක අමරසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ අතර සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නිල්පුල් වික්‍රමසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්‍ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියා.

මේ අතර ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතාගෙන් විමසා සිටියේ පසුගියදා මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයේ සඳහන්ව තිබූ N.G. රාජපක්ෂ මහතාට අයත් අලියෙක් හෝ අලි සම්බන්ධ බලපත්‍රයක් හෝ තිබේද යන්නයි.

ඊට පිළීතුරු දුන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසුවේ මේ වන තුරු ඒ පිළිබදව නොදන්නා බවයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...