33 C
Colombo
Saturday, May 4, 2024

Update: එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න වේගවත් වේ

- Advertisement -

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව් ගින්න පැතිරීම වේගවත් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරනවා.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමක් අද (22) දිනයේදී නෞකාව වෙත ළගා වූ බවයි. එසේම, නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් නෞකාව අවට සාගර කලාපයට යම් බලපෑමක් සිදුව ඇති බව ද ඔහු කියා සිටියා.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් ද එක් කර තිබෙනවා. මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඊයේ (21) එක්වූ අතර, බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යොදවනු ලැබුවා. එමඟින් ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425 ක් සාර්ථකව නෞකාව මතට හෙලූ බවයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිවේදනය කරන්නේ.

සබැඳි පුවත්..

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...