30.1 C
Colombo
Friday, April 26, 2024

ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුව කළ චෝදනාවට ගම්මන්පිල පිළිතුරු දීමට සූදානම් වෙයි

- Advertisement -

ඉන්ධන මිල ඉහළ නැංවමින් මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්කල තීරණය සම්බන්දයෙන් වගකීම භාරගෙන තමන්ට ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට පිළිතුරු දීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සූදානම් වනවා.

ඒ අනුව අද (13) පස්වරු 2 ට බලශක්ති අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අදාළ චෝදනාවන් හට පිළිතුරු දීමට නියමිත බවයි උදය ගම්මන්පිල මහතා නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (12) නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉන්ධන මිල ඉහළ දමමින් උදය ගම්මන්පිල මහතා වුවමනාවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා කටයුතු කරන්නේදැයි සාධාරණ සැකයක් ඇතිව ඇති බවටයි.

කෙසේ වෙතත් පෙරේදා (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩිකිරීමේ තීරණය ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනුකමිටුව විසින් ගත් බවයි.

අමාත්‍ය අනුකමිටුවෙහි සාමාජිකයන් වන්නේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සාමාජිකයන් ලෙස බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, අජිත් නිවාඩ් කබ්රාල් යන අයයි.

මීට අමතරව අදාළ තීරණය ගත් ජුනි 09 වැනිදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටු රැස්වීමට උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ද සහභාගීවී ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...