27 C
Colombo
Monday, August 8, 2022

ආණ්ඩුව පිස්සු කෙළිනකොට මට වගකියන්න බෑ – ඉරාජ්

- Advertisement -

වත්මන් රජය බලයට ගෙන ඒම උදෙසා යම් කාර්‍යභාරයක් සිදු කළ නමුත් රජයේ සෑම ක්‍රියාකාරකමක්ම සාධාරණීකරණය කිරීමට සූදානම් නොමැති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසනවා.

ඒ, සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමඟ අදහස් දක්වමින්.

තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව මීට මාස ගණනාවකටම පෙර තමන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ බවත් ජනාධිපතිවරයා වෙනුවෙන් යම් කාර්‍යභාරයක් ඉටු කළ නමුත් තමන්ට විවේකයක් අවශ්‍ය බව තමන් නාමල් රාජපක්ෂ මහතාට පැවසූ බවත් ඔහු පවසනවා.

රටේ ඒ කාලේ තිබ්බ තත්ත්වෙ එක්ක අපිට තිබ්බ ඔප්ෂන් එක වෙනුවෙන්, වෙනසක් වෙනුවෙන් අපි පෙනී සිටියා. එහෙමයි කියලා. එහෙමයි කියලා ආණ්ඩුවෙන් පිස්සු කෙළිනකොට අපිට වගකියන්න බෑ.

මේ අතර තමන්ට පහරදීමක් සම්බන්ධයෙන් පලවන වාර්තාද ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටින අතර වත්මන් කොවිඩ් තත්වය නිසා තමන් නිවසෙන්වත් බැහැර නොවූ බව අවධාරණය කර සිටිනවා.

තමන්ට මෙම අවලාද නගන්නේ 3% පිරිස (ජනතා විමුක්ති පෙරමුණ) බවයි ඔහු පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...