32 C
Colombo
Sunday, March 16, 2025

‘තෙල් ටැංකි යළි රටට’ ගත් බව කියන්න කෝටි ගණනක මුදලක් ප්‍රචාරණයට

- Advertisement -

‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට’ නමින් මේ වන විට වෙළෙඳ දැන්වීම් විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.

මේ පිළිබදව News19 කළ සොයාබැලීමේදී වාර්තා වුණේ ඒ වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය රුපියල් කෝටි ගණනක ප්‍රචාරක වියදමක් සිදුකෙරෙමින් පවතින බවයි.

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 2022.01.06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර බෙදී යන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24 කුත්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම – ටැංකි 61 කුත්, ඉන්දියානු ලංකා තෙල් සමාගම වෙත ටැංකි 14 කුත් ලැබෙන බවට එම අමාත්‍යංශය සදහන් කළා.

මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් විනාඩි 01.06 ක, විනාඩි 01.03 ක හා තත්පර 21 ක රූපමය වෙළෙඳ දැන්වීම් තුනක් නිර්මාණය කර තිබෙනවා. (අදාළ වෙළෙඳ දැන්වීම් පහතින්)

අදාළ වෙළෙඳ දැන්වීම් තුන මේ වන විටත් සියලුම රූපවාහිනී නාලිකා වල මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන අතර විනාඩියක් වැනි කාලයක වෙළෙඳ දැන්වීමක් එක් වරක් විකාශය කිරීමට පවා රූපවාහිනී නාලිකාවක් විශාල මුදලක් අය කෙරෙනවා.

එම දැන්වීම කාර්ය බහුල අවස්ථාවල එනම්, ජනතාව රූපවාහිනිය වැඩිවශයෙන් නරඹන (Peak Time) වේලාවන්හීදී ප්‍රචාරය කිරීමට ඊටත් වඩා වැඩි මුදලක් රූපවාහිනී නාලිකා අයකරනවා.

මීට අමතරව මෙම දැන්වීම ගුවන්විදුලි නාලිකාවල මෙන්ම ‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට’ නමින් සකස් කරන ලද පුවත්පත් දැන්වීම් මගින්ද ප්‍රචාරය කෙරෙනවා.

එමෙන්ම මෙවැනි ආකාරයේ දැන්වීම් නිර්මාණය කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණ ආයතන විශාල ප්‍රමාණයෙන් මුදල් අය කෙරෙනවා.

තෙල් සංස්ථාව මෙන්ම රටද දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක ආණ්ඩුවට ප්‍රචාරයක් ලබාගැනීම වෙනුවෙන් මේසා විශාල ප්‍රචාරක වියදමක් දැරීම දැවැන්ත මුදල් නාස්තියක් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

POPULAR ARTICLES