30.3 C
Colombo
Friday, April 26, 2024

ඥාණසාර හිමිගේ පත්වීම නිසා ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි

- Advertisement -

‘එක් රටක් – එක් නීතියක්’ සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර එහි සභාපතීත්වය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හට ලබාදීමට විරෝධය පා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමට සූදානමින් පසුවනවා.

මේ වන විටත් ඔහු ඊට අදාළ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට විදෙස් ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලි සබ්රි මහතාට දැනුම්දී ඇත්තේ තමන් නැවතත් දිවයිනට පැමිණෙන තුරු හදිසි තීරණයක් නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් අලි සබ්රි මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන්නේ දැයි මෙතෙක් කරුණු වාර්තා වන්නේ නැහැ.

මේ අතර එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස නම්කර සිටින කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් මහතා සදහන් කර ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් පත්කර ඇති බව දැනගත්තේ ජනමාධ්‍යවලින් බවයි.

කලීල් රහුමාන් මහතා එක්සත් සාම සන්ධානය (UPA) යටතේ පසුගිය බස්නාහිර පළාත් මැතිවරණයට තරඟකොට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබෙනවා.

එම පක්ෂයේ නායක බෂීර් සේගු දාවුද් මහතා පවසන්නේ එළැඹෙන සතියේ රැස්වී මෙම ගැටළුව පිළිබදව සාකච්ඡා කරන බවයි.

යම් හෙයකින් කලීල් රහුමාන් මහතා ඥානසාර හිමි යටතේ එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුට එරෙහිව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බවද බෂීර් මහතා සදහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ ‘ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ’ නායකත්වය යටතේ ‘එක රටක්, එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවීමෙන් තමන් කම්පනයට සහ කලකිරීමට පත් වූ බවයි.


RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...