26 C
Colombo
Monday, May 6, 2024

නව ලිට්රෝ සභාපති රේණුක පෙරේරා?

- Advertisement -

ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගමේ බහුතර කොටස් හිමි මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම නිර්දේශය ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදුකරනු ඇති බවයි.

එමෙන්ම, අද (13) දින පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.

රේණුක පෙරේරා මහතා කලක් ජාතික නිවාස සංවර්ධන අධීකාරියේ සභාපති ධූරයේ කටයුතු කළ අතර ඔහු පසුගිය අප්‍රේල් මාසයේ එම තනතුරින් ඉල්ලා අස්වූයේ එම අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා වන ඉන්දික අනුරුද්ධ මහතා විසින් දිගින් දිගටම සිදුකරන දූෂණ ක්‍රියා නිසාවෙන් බවට පසුව පවසා සිටියා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා වන්නේ දුමින්ද සිල්වායි.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...