29 C
Colombo
Sunday, June 4, 2023

තෙල් මිල ඉහළ දැම්මෙ ජනපතිගේ සහ අගමැතිගේ අනුමැතියෙන් – ගම්මන්පිල (වීඩියෝ)

- Advertisement -

තෙල් මිල සංශෝධනය සිදුකළේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතියෙන් වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ බලශක්ති අමාත්‍යංශයේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්චාවක් අමතමින්

ජීවන වියදම් අනුකමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අග්‍රාමාත්‍යවරයා බවත්, ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ජනපතිවරයා විසින් විද්වත් මත විමසා අවසන් තීරණයක් ගැනීමට ජීවන වියදම් අනුකමිටුවට පැවරූ බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව, ජනපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ තීරණයට එරෙහි වීම හේතුවෙන් ඉල්ලා අස්විය යුත්තේ තමාද සාගර කාරියවසම් මහතාද යන්න පැහැදිලි වන බවයි උදය ගම්මන්පිළ මහතා පවසන්නේ.

ඛණිජ තෙල් අමාත්‍යංශයේ අධික පාඩු පියවා ගැනීම උදෙසා තමන් දිගු සහ මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එතෙක් කෙටිකාලීනව තෙල් මිල තීරණය වන්නේ ලෝක වෙළඳපොල සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මත මිස අමාත්‍යවරයාගේ බලපෑම මත නොවන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මෙම තත්වය හේතුවෙන් බැංකු පද්ධතියටද බලපෑමක් ඇතිවිය හැකිව තිබූ බවත් තෙල්මිල සංශෝධනය පිළිබඳව මහ බැකුවෙන්ද උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා පවසනවා. භාණ්ඩාගරය සමඟ සාකච්චා කර කිහිප අවස්ථාවකදීම බදු අඩු කිරීමක් සිදු කළද භාණ්ඩාගාරයද අර්බුදකාරී තත්වයක පවතින නිසා මෙම මිල සංශෝධනය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවයි ඒ මහතා පෙන්වාදෙන්නේ.

අදාල ප්‍රකාශය සාගර කාරියවසම් යන පුද්ගලයාගේ ප්‍රකාශයක් නම් ‘සාගරගේ පිස්සු කතා’ යැයි එය බැහැර කළ හැකිව තිබුනත් ඔහු එම ප්‍රකාශය සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස බැවින් මීට පිළිතුරු ලබා දීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (12) දින දැනුම්දෙනු ලැබුවා.

කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්වයකට පත්ව තිබියදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවත් එබැවින් අමාත්‍යවරයා ඉල්ලා අස්වියයුතුව ඇති බවත් පක්ෂයේ ලිපිශීර්ෂයක එහි ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක දැක්වුණා.

එම නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අද (13) පෙරවරුවේ මලලසේකර මාවතේ පිහිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්විය.

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගේ මාධ්‍ය සාකච්ඡාව ඇරඹුනේ ඉන් අනතුරුවයි

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...