31 C
Colombo
Tuesday, May 14, 2024

විජයදාසගේ පනතට සුදර්ශනී ඇතුළු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විරෝධය

- Advertisement -

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 09 වැනිදා ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුවද, එය ස්ත්‍රී දූෂණයක් යටතට ගැනෙන අතර අධිකරණ ඇමැතිවරයා විසින් දණ්ඩනීති සංග්‍රහයට ගෙන ඒමට යෝජිත සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා පහත දැමීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව සඳහන් කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණුවලට අදාළ විස්තර සිය ලිපිය සමග ඉදිරිපත් කරන බවද දන්වා සිටිනවා.

එබැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 364 වැනි වගන්තිය සංශෝධන කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

එමෙන්ම මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සිය ලිපිය මගින් දන්වා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව දෙන්න – සජිත්

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා මෙලෙස ඉල්ලා සිටියේ, ස්ථාවර...

තොරතුරු සටහන් වෙනස් කළ සැරයන්ලා දෙන්නෙක් අත්අඩංගුවට

මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ පැවති සටහනක් වෙනස්කර කූඨ ලේඛන සකස් කළ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්...

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබුවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...