26 C
Colombo
Tuesday, May 7, 2024

පිටිගල ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

- Advertisement -

පිටිගල පොලිස් වසමේ නියාගම, හොරංගල්ල, ගුරුවිලදී  පසුගියදා සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව මාර්තු 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මාහෙස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි මහත්මිය අද (18) නියෝග කළා.

පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණා.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වාර්තා කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පිටිගල පොලීසියට දැනුම් දුන්නා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 69 කොටස, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි නාගොඩවිතාන කසුන් රන්දික නාගොඩවිතාන (36) සහ අලවත්තහේන, ගෝනගල්ගොඩ, තල්ගස්වල ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ ගයාන් ප්‍රසන්න (36) නමැති දෙදෙනෙක්.

පසුගිය මාර්තු 11 වනදා රාත්‍රී 7.50ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළෙඳසැල් හිමිකරුවකු ඉලක්ක කර සිදුකරන ලද වෙඩිතැබීමකදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් සිදු වුණා.

සිද්ධිය වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගියා.

සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත්තේ කුරුඳු තැලීමේ රැකියාවේ නිරත අයකු වන කරන්දෙණිය ගලගොඩ අත්තේ පදිංචි සතිෂ් මධුශංක (32) නැමැති දෙදෙරු පියෙක්.

හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබුණා.

රෝහලේදී මියගිය තුවාලකරු බරපතළ තුවාල සහිතව ඇල්පිටිය මුලික රෝහලට ඇතුළු කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ටී – 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇල්පිටිය, කහදූව ප්‍රදේශයට පළා ගොස් තිබෙන බවද පිටිගල පොලීසිය පවසනවා.

එමෙන්ම, තුවාලලැබුවන් අතර සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය සතිෂ් මධුශංක (32) නැමැති අයගේ බිරිඳ වන එන් කේ දිනුෂිකා (32) සහ තලාව, කුරුඳුගහ හැතැක්ම පදිංචි සුනිල් ශාන්ත (54) නමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වනවිටත් නේවාසික ප්‍රතිකාර ලබනවා.

වෙඩිතැබීමෙන් පසු එම ස්ථානයේ වැටී තිබු ටී – 56 හිස් පතොරම් කොපු 18ක් පිටිගල පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.

එම වෙළෙඳසැලේ හිමිකරු ඉලක්ක කර වෙඩිතැබීම් සිදුකර ඇතත් ඔහුට කිසිම හානියක් වී නැති අතර මෙය මුදල් ආරවුලක් මත හෝ වෙළෙඳසැලේ හිමිකරු විසින් මීට පෙර සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් වූ පළි ගැනීමක් අනුව සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වි තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...