26.6 C
Colombo
Wednesday, May 15, 2024

අතුරුගිරිය ෂෙඩ් එකේ යකා නටපු පොලීසිය (වීඩියෝ)

- Advertisement -

අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසලදී සිදුවූ කලහාකාරි සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල රැදී සිටි පිරිස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වී තිබියදීත් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් කලහාරි ලෙස හැසිරී ඇති බව පොලීසිය පවසනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඉන්ධන තොග ඉතිරිව තිබියදීත් ඉන්ධන ලබාදීම අවසන් කරන ලෙසට පොලීසිය කළ දැනුම්දීම හේතුවෙන් පොලිමේ රැදී සිටි පිරිස කළහාකරී ලෙස හැසිරුණු බවයි.

පසුව ඉන්ධන පොලිමේ සිටි අයට පොලීසිය අමානුෂික ආකාරයෙන් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරින් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා. ඒ ඊට...

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද උදෑසන 8 සිට...

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...