28 C
Colombo
Saturday, July 27, 2024

ජනපති ඉදිරි වසර 03හි සැලසුම් හෙළි කරයි

- Advertisement -

ඉදිරි තෙවසරේදී සැමට පිරිසිඳු ජලය, සනීපාරක්ෂාව සහ ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසනවා.

පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බවයි ඔහු පවසන්න්ව්ව්.

ජපානයේ කුමමොටෝහි ඇරඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ඔහු මේ බව සඳහන් කරන ලදි.

“තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳ ම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙති. සමුළුවේදී ජලය සම්බන්ධ විවිධ ගැටලු හා 2017 වසරේ මියන්මාරයේ පැවැති 3 වන ආසියා – පැසිෆික් සමුළුවේදී සම්මත කර ගත් “යැන්ගොන් ප්‍රකාශයේ” දක්වා ඇති නිර්දේශ ක්‍රියාවට නංවන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරේ.

සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේදී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත ය.

“කුමමොටෝ ප්‍රකාශය යනු ජලය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉහළ පෙළේ නායකයින්ගේ එකතුවෙන් ගොඩනැඟෙන දැඩි අපේක්ෂාවන්වල එකතුවකි. එම ගැටලු විසඳීම සඳහා අපි අපේ දැනුම එකට එක් කිරීමට උත්සාහ කළ යුතු බව “ආසියා – පැසිෆික් ජල සමුළුවේ” සභාපති යොෂියුකි මෝරි (Yoshiyuki Mori) සඳහන් කළේය.

“දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්, සනීපාරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්න මූලිකව ඉවහල් වේ. මෑතකාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වී තිබේ.

ආසියා – පැසිෆික් කලාපයේ, පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා තුන් ගුණයකින් වැඩි වී ඇත. දිළිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීපාරක්ෂක වතාවරණය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ආසියා – පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානමින් සිටින්නෙමු” යැයි සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා (Fumio Kishida)  සඳහන් කළේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුව ද ගත වූ දෙවසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බව ජනාධිපති රාජපක්ෂ පෙන්වා දුන්නේය. එමෙන් ම ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ඔහු පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබේ. එසේ වුව ද පසුගිය දෙවසර තුළ තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බව ජනාධිපතිවරයා පැවසීය.

පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන් ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපතිවරයා සිහිපත් කරන ලදි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා සමාරම්භක උත්සවයට සහ රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය.


RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...