28.9 C
Colombo
Thursday, March 27, 2025

රනිල් වික්‍රමසිංහගෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින අරගලකරුවන් හට මීට සුළු මොහොතකට පෙර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පැය 24 ක් ගත වන්නටත් පෙරයි.

ප්‍රහාරයෙන් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර, ගෝල්ෆේස් අරගල භූමියේ හා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තිබූ ඔවුන්ගේ බඩු බාහිරාදිය රැසකට අලාභහානි සිදුව තිබෙනවා.

විශේෂ කාර්ය බලකා සෙබලු යොදාගනිමින් මේ වන විට ගෝල්ෆේස් අවට සිටින සියලුම පුද්ගලයන් හට පහරදෙමින් සිටින බවට වාර්තා වනවා.

මේ වන විට නීතිඥ නුවන් බෝපගේ ඇතුළු 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළ පසු ඊයේ (20) පස්වරුවේ හුණුපිටිය ගංඟාරාමයේදී වික්‍රමසිංහ මහතා පැවසුවේ අරගලය යැයි පවසා නීති විරෝධී කටයුතු කරන කිසිවෙකුටත් ඊට ඉඩ නොදෙන බවයි.


RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...