25 C
Colombo
Sunday, April 14, 2024

අරගලයට රනිල්ගෙන් රතු එළියක්..!

- Advertisement -

අරගලය මුවාවෙන් නීතියට විරුද්ධව කටයුතු කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඊයේ (20) පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය වැනි දෑ අත්පත් කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි ඔහු අවධාරණය කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවෙන් තේරීපත්වූ නව ජනපති රනිල් වික්‍රමසිංහ,

“මගේ බලාපොරොත්තුව, මේ රටේ තියෙන විවිධ පක්ෂ, පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඒවා එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කරන්න. රටේ ජනතාව අපෙන් අහන්නේ මේ කාලේ මේ කාලේ ගිහින් ඇයි අපිට එකට වැඩකරලා රට දියුණු කරන්න බැරි කියලා. අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ අන්තිමට රට නැති කරන්න ද? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්, මමත් ඒ ගැන හිතලා බලලා තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රමය වෙනස් කරලා ඒ තරුණ අදහස් අනික් අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕන.

අරගලය කිව්වේ ඇත්ත වශයෙන්ම අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනයන අරගලයක්. මේක හැම අංශයෙන්ම වෙනස් කරන්න කියලා. ඒ නිසා සාමකාමී අදහස් දරණ අයට ඒ අදහස්වලට ප්‍රචාරය කරන්න අපි ඉඩදෙන්න ඕන, ඒවගේම අපිටත් පුළුවන් ඒවාට පිළිතුරු දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. ඒ නිශ්ශබ්ද වෙලා ඉන්න අයගේ අදහසුත් අපි පිළිඅරගෙන ක්‍රියා කරන්න ඕන. ඒත් මේක මුවාවෙන් අරගලය කියන්නේ. ආණ්ඩුවක් පෙරළන්න, ගෙවල් ගිනිතියන්න, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒක නීතියට විරුද්ධයි.

එහම නීතියට විරුද්ධ අයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. අරගලය කියලා තරුණයන්ට අනාගතයක් හදන්න ඕන නම්. මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම සාමකාමී අයට දැම්මම කරලා තියෙනවා, අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස් ප්‍රකාශ කරන්න තව වේදිකාවක් හරි මම හදලා දෙන්නම්. ව්‍යස්ථාව අනුව අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සහයෝගය තියෙන එක්කෙනෙක්, මගෙ පක්ෂයේ ඉන්නේ මම විතරයි, ඉතින් මට තෝරන්න බෑ.”


RECENT ARTICLES - SINHALA

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (14) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

පසුගිය දින තුනේ අධිවේගයේ ආදායම මෙන්න

ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව,...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...