30.2 C
Colombo
Saturday, April 27, 2024

ලිට්‍රෝ සභාපතිකම නොලැබුණු රේණුකට මිල්කෝ සභාපතිකම

- Advertisement -

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.

එහි මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඊයේ (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ නමුත් මාධ්‍ය හමුවක් කැඳවූ ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවයි.

රේණුක පෙරේරා මහතාව ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයට පත් කිරීමට මුදල් අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළ නමුත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම පත්වීම අවලංගු කරනු ලැබිණි.

මේ අතර, ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලමින් මිල්කෝ සමාජ ආරක්ෂක අරමුදලේ අධ්‍යක්ෂවරුන් පිරිසක් පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා හමුවී දැනුවත් කර තිබෙනවා. දියර කිරි ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සභාපතිවරයාට තීරණයක් ගත නොහැකි බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ. එම මිල ඉහළ දැමීම සිදු කර ඇත්තේ ලසන්ත වික්‍රමසිංහ මහතා එහි සභාපති ධුරයෙන් ඉවත්කළ බවට වාර්තාවන පසුබිමක වීමත් විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...