28.9 C
Colombo
Saturday, April 27, 2024

වෘත්තීය සමිති වලට තර්ජනය කිරීම SB අනුමත කරයි

- Advertisement -

වෘත්තීය සමිති රජයේ තීරන වලට එකඟ නොවී කටයුතු කරන්නේ නම් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට රාජ්‍ය බලය යොදා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද (15) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ එසේ නොකළේ නම් ලී ක්වාන් යූට හෝ මහතීර් මොහොමඩ්ට සිය රටවල් දියුණු කරගැනීමටද නොහැකිවන බවයි.

ලී ක්වාන් යූ පැවසූ පරිදි තීරණයක් ගත් පසු කවුරුන් විරුද්ධ වූවත් එය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු අවධාරනය කරන්නේ.

එහිදී මර්දනයද,තර්ජනයද යන්න ගැටළුවක් කරගත යුතු නැති බවත් සංවර්ධනය කරා යන ගමනේදී එවැනි ක්‍රියාමාර්ග රාජ්‍ය බලය යොදවා නතර කර රජයේ තීරණය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...