25 C
Colombo
Wednesday, February 19, 2025

ගෝල්ෆේස් භූමියට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අරගලය පැවති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව මෙම හානිය පිළිබඳ සම්පූර්ණ වන්දි මුදලක් මොවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති මෙම ස්ථානයෙන් අරගලකරුවන් ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුකූලව වන අතර, කිසිවෙකුට රාජ්‍ය දේපොළ බලහත්කාරයෙන් අයිති කර ගැනීමට නො හැකි බවත් මෙලෙස වන්දි මුදල් අය කර නොගත හොත්, පසුකාලීන ව අමාත්‍යාංශ නිලධාරින් ගැටලුවලට මුහුණ දෙන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරින් පත් කිරීමට තමා කටයුතු නො කරන බවත් අමාත්‍යවරසා සඳහන් කරනවා.

ඒ අනුව මේ සිදු වූ හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් හා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හා ඒ සඳහා ගත යුතු නීතිමය පියවර මොනවා ද යන්නත් තමා වෙත දන්වා සිටින ලෙසයි අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...