25 C
Colombo
Sunday, May 19, 2024

ඇමති ප්‍රසන්නට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම්

- Advertisement -

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවනු ලැබූවා.

ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු බියගන්වා පොරොන්දු නෝට්ටු අත්සන් කරගැනීමේ චෝදනාවට වරදකරු කරමින්.

ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට අවශ්‍ය
අනුමැතියදීමට සහ එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත්කරදීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, බිරිඳ සහ තවත් සැකකරුවෙකුට එරෙහිව ගොනුකර තිබු නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය විසින් අද (06) ප්‍රකාශයට පත්කළා.

එහිදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා, එම නඩුවේ අනෙකුත් සැකකරුවන් ලෙස නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ සහ නරේෂ් ෆාරික් නැමැති සැකකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.

කෙසේ වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව ගොනුකර තිබු 13වන චෝදනාව වූ බියවද්දා පොරොන්දු නෝට්ටු අත්සන් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ඒ මහතා වරදකරු බවට අධිකරණය තීරණය කළා.

මහාධිකරණ විනිසුරුවරයා එහිදී විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තමන්ට නිත්‍යානුකූලව හිමිනැති වත්කමක් නීතිවිරෝධිව ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි.

අනතුරුව තම සේවාදායක ප්‍රසන්න රණතුංග මහතාගේ දණ්ඩනය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ
අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

“ස්වාමිනි, මාගේ සේවාදායකයා 2022 මාර්තු 20 ශල්‍යකර්මයකට භාජනය කළා. ඒ වගේම මෑතකදි ඇතිවූ ගෝල්ෆේස් සිදුවීමත් සමඟ උඩුගම්පල පිහිටි මොහුගේ නිවස සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ වගේම
ඒ සිදුවීම හේතුවෙන් ඔහුගේ දියණියගේ විවාහ
මංගල්‍යයත් කල්ගියා. එම දියණිය මානසීක
පීඩනයකින් ඉන්නේ. ඒ වගේම මේවෙද්දි යම් අධිකරණ නියෝගයක් හේතුවෙන් රටට සංචාරකයින් පැමිණිම අඩුවෙලා ලෝකය ඉදිරියේ රට පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මැවී තිබෙනවා. මාගේ සේවාදායකයා කැබිනට් අමාත්‍යවරයෙක්. ඔහුට එරෙහිව දැඩි දණ්ඩනයක් ලබාදුනහොත් කැබිනට් මණ්ඩලයක් ස්ථාවරව පවත්වාගෙන යා නොහැකියැයි මතයක ලෝකයා ඉදිරියට යන්න පුළුවන්. එබැවින් මා ඉල්ල සිටිනවා ඔහුට එරෙහි චෝදනාවට ලබාදෙන දණ්ඩනය ලිහිල් කරන්න කියලා”

කෙසේ වෙතත් දණ්ඩනය ලිහිල්කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද මෙහිදි කරුණු දැක්වූවා.

“ස්වාමිනි, මේක මේ නඩුවේ මුල් අවස්ථාවකදීම වරද පිළිගැනීමක් නෙමේ. රටේ මහජනතාවගේ බදු මුදලින් පැමිණිල්ල වන අපි අවුරුදු 04ක් නඩුව මෙහෙයවා ලබාගත්තු තීරණයක්. අනික ඔබතුමන් ලබාදෙන දණ්ඩනය තුළින් රටේ පාලකයන්ට මඟපෙන්වීමක් දෙන්න ඕනේ නිලබලය, තනතුරු යොදාගෙන සාමාන්‍ය
පුද්ගලයින් බියවද්දන්න බැහැ කියලා. මොකද මිනිස්සු ඡන්දේ දීලා මොහුව බස්නාහිර පළාත් සභාවට යැව්වේ බිස්නස් ඩීල් දාන්න නෙවෙයිනේ. එබැවින් ස්වාමිනි සමාජයට ප්‍රබල පණිවුඩයක් ලබාදිය හැකි නීතිය කෙරෙහි බියක් ඇතිකරන සුදුසු දණ්ඩනයක් මොහුට ලබාදෙන්න”


කරුණු සලකාබැලු මහාධිකරණ විනිසුරු මංජුල
තිලකරත්න මහතා වරදකරු වූ අමාත්‍ය ප්‍රසන්න
රණතුංග මහතාට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියමකර එය වසර 05කට අත්හිටුවනු ලැබූවා.

එමෙන්ම අදාළ චෝදනාවට වරදකරුවීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 25ක දඩමුදලක් ගෙවීමට අමාත්‍යවරයාට නියෝග කළ අධිකරණය එය නොගෙවන්නේනම් බරපතළ
වැඩසහිත මාස 09ක සිරදඬුවමක් පැනවෙන බවද පැවසුවා.

තවද නඩුවේ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් මාස 03 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කිරීමටත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...