25 C
Colombo
Friday, December 3, 2021

රුපියල් 2000ට වඩා දෙන්න රජයට සල්ලි නෑ

- Advertisement -

ජනතාවට ලබාදෙන රුපියල් 2000ක දීමනාව ප්‍රමාණැවත් නොවන බව වැටහෙන නමුත් පවතින තත්වය හේතුවෙන් එම මුදලට වඩා වැඩි මුදලක් ලබාදීමට රජය අපොහොසත් බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමුණු විට මීට පෙර අවස්ථා තුනකදී රුපියල් 5000 බැගින් පවුල් විශාල ප්‍රමාණයකට ලබාදීමට රුපියල් බිලියන 80 ක් පමණ වැයකර ඇති නමුත් දිගින් දිගටම එවැනි සහනයක් ලබා දීමට තරම් භාණ්ඩාගාරය ශක්තිමත් නොමැති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

රාජ්‍ය ආයතනවල වියදම් ද හැකිතරම් සීමා කිරීමට සිදුව ඇති බවත්, මුල්‍ය විනය දැඩිලෙස පවත්වාගෙන යන ලෙස බැසිල් රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...