වර්තමාන ආණ්ඩුව යළිත් පෙර වැරදි කිරීමට උත්සාහ ගන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා.
ඒ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාලක ගොඩහේවා,
“මම නම් පිළිගන්නවා.. පසුගිය අවුරුදු දෙකේ අපි අසාර්ථක වෙලා තියෙනවා. ඒක තමයි යතාර්ථය. අපි අසාර්ථක වුණේ නැත්නම් ආණ්ඩු 3ක් පත්කරන්න වෙන්නේ නැහැ මේ තරම් සුළු කාලයක් තුළ.
තුනෙන් දෙකක බලයක් තිබුණ ආණ්ඩුවක්. ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන හිටියා.. අලුත් කණ්ඩායමක්, අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් විශාල වෙනසක් කරයි කියලා.
ඒ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙක් ගෙනල්ලා ජනාධිපති ලේකම් වශයෙන් පත්කරලා. මහ බැංකුව.. මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරලා දුන්නා.
එයා ගත්ත ආර්ථික තීන්දු තීරණ නිසා තමයි අද මේ රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. කවුද ගත්තේ මේ බදු අඩුකරන තීන්දුව ? අපිට තනතුරු අවශ්‍ය නැහැ. අපි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වුණේ තනතුරු අවශ්‍ය නිසා නෙමෙයි.
අපි පිළිගන්නේ නැහැ අගමැතිතුමාගේ මතවාදය. මම අගමැතිතුමාට විරුද්ධව කථා කළ කෙනෙක්. අගමැතිතුමාගේ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය ගැන කථා කරලා තමයි මට විවිධ පරික්ෂණ පටන්ගත්තේ.
අගමැතිතුමාගේ FCID එකෙන් අපි තවම හිරිහැර විඳිනවා. අගමැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති අපි පිළිගන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ.. ප්‍රශ්නයක් ඇතිවුණ වෙලාවේ අපි එතුමාව ගෙනාවානම් අපි එයත් එකක් එකතුවෙලා පරණ ප්‍රශ්න තරමකට හරි අමතක කරලා.. මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරමු.
එහෙම කරනකොට ආයෙත් අර පෙර වැරදි කරන්න ගියොත්. ඒකට අපි ශක්තිය දෙන්න සූදානම් නැහැ කියන කාරණයත් කියන්න ඕනේ.”