28.1 C
Colombo
Friday, April 26, 2024

අයිතිය පිළිබද ගැටළුවක් නිසා මැණිකේ මගේ හිතේ ගීතය Youtube වෙබ් අඩවියෙන් ඉවත් කරයි

- Advertisement -

යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවිය විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය අද (19) උදෑසන සිට යොහානිට අයත් Youtube නාලිකාවෙහි අක්‍රීය තත්ත්වයේ පැවතුණා.

මීට හේතුව ලෙස Youtube වෙබ් අඩවිය දක්වා තිබුණේ එම ගීතය තුළ ඉන්දියාවේ දැවැන්ත සංගීත සමාගමක් වන Tseries සමාගම සතු අන්තර්ගතයන් අඩංගු බැවින් කතෘ අයිතිය මත එය ඉවත් කර ඇති බවයි.

යොහානි ද සිල්වා විසින් ගායනා කරන්නට යෙදුණු එම ගීතයේ සම්පූර්ණ අයිතිය පසුගියදා ඇය විසින්ම Tseries සමාගම වෙත පවරා තිබුණා.

ඒ අනුව එහි නීතිමය තත්ත්වයත් මත යොහානිගේ Youtube නාළිකාවේ තිබූ මෙම ගීතය අක්‍රීය කිරීමට එම සමාගම කටයුතු කරන්නට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට නැවතත් එම ගීතය සක්‍රීය කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

යොහානිගේ මෙම ගීතය Youtube වෙබ් අඩවිය තුළ මිලියන 160 කට අධික පිරිසක් නරඹා තිබීමද විශේෂත්වයක්.

ඇය පසුගියදා මෙම ගීතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේද ගායනා කළා.


RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...