28.1 C
Colombo
Friday, April 26, 2024

කෝච්චි දුවන්නෙ නැත්තෙ ඉන්ධන නැති නිසා

- Advertisement -

රජය විසින් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමටත් දුම්රිය ධාවනය නොකිරීමටත් සැබෑ හේතුව වන්නේ වත්මන් ඉන්ධන හිඟය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ, කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගෙන ඇත්තේ ඩීසල් නොමැතිවීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා බවයි ඔහු පවසන්නේ.

එම සේවාවන් ක්‍රියාත්මක නොවුනත්, රට විවෘත කර රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සේවයට කැඳවීමට පියවර ගැනීම නිසා ඔවුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

තම නොහැකියාව වසා ගැනීම සඳහා දුරදිග නොබලා ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් හැට නම ලක්ෂය ඇතුළු රටේ සමස්ථ ජනතාව අසරණ වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...