චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනේ එම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) මෙරටට ලැබීමට නියමිත බවයි.
මේ අතර,ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 13,687 දෙනෙකුට ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ දක්වා මෙරට පුද්ගලයින් අනූ හය ලක්ෂ 23,794 දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.