29 C
Colombo
Sunday, October 1, 2023

විමල්, උදය, වාසු හෙට ස්වාධීන වෙයි..?

- Advertisement -

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05) වෙනම අසුන් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවල දැක්වෙනවා.

ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇති බවයි එම ආරංචි මාර්ග වලින්  වැඩිදුරටත් පැවසෙන්නේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත් හෙට දිනයේ ස්වාධීන වීමට පෙර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද වාර්තාවනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද අනිද්දා (06) පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිතව බවද පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

ආණ්ඩුවේ අමාත්‍යධුර නොලැබුණු එහෙත් ,ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම පිරිසට ඇතුළත් වනු ඇති බවයි වාර්තාවන්නේ.


RECENT ARTICLES - SINHALA

හන්තානේ ජනතාවට දිවියන්ගෙන් බලපෑම්

හන්තාන රක්ෂිතය ආශ්‍රිතව ගැවසෙන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින...

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...