29 C
Colombo
Saturday, July 27, 2024

පැය 10 ක් විදුලිය කැපීමේ සූදානමක්

- Advertisement -

මේ වන විට පැය 6.30 ක් වැනි දීර්ඝ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරමින් ජනතාව දැඩි අපහසුතාවයට පත්කර තිබෙන තත්ත්වයක් තුළදී ඉදිරියේදී පැය 10 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සූදානමින් පසුවන බවටයි වාර්තා වන්නේ.

ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බැවින් විදුලි බල අර්බුදය මේ වන විට පාලනය කළ නොහැකි මට්ටමටම පැමිණ තිබෙනවා.

මේ අතර අද (25) දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙන්.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...