26 C
Colombo
Thursday, May 9, 2024

රට වැහුවොත්, පඩි බාගයයි..! – ඇමති සිසිර

- Advertisement -

දින 14කට රට වසා දමන්නේ නම් රාජ්‍ය සේවකයන් මාස භාගයක වැටුප් පමණක් ලබාගැනීමට එකඟ විය යුතු බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා.

ඒ, ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන්ද මීට එකඟ වියයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, දින 14ට පමණක් මාස බාගයක වැටුපක් ලබා ගැනීමෙන් ඉතිරිවන මුදලින් එදිනෙදා ජීවිකාව සොයාගන්නා ලක්ෂ 80කට වැඩි පිරිසකට සහන ලබාදීමට යොදවන බවයි ඔහු පවසන්නේ.

“ඉතිං විවිධ පාර්ශව වලින් ඒ යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතිං අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන් සහ සියලුම රජයේ සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම්, අඩක් රජයට පරිත්‍යාග කරලා අඩක් විතරක් නම් ලබාගන්නෙ දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත්, රජයේ සේවකයො සියලු දෙනාත් වැඩ කරන දින 14ට පමණක් මාස බාගයක වැටුපට එකඟ වෙන්න ඕනෙ. එවැනි තත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීමට කියලා තීරණය කරන්න ඕනෙ. විශේෂයෙන්ම ඒ ඉතුරු වෙන මුදල මේ රටේ ලක්ෂ 80කට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත් වෙන. ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිතා කරන්න ඕනෙ”

කෙසේවෙතත්, ජනතා විරෝධයක් එල්ල නොවූයේ නම් වසංගතයක් මධ්‍යයේ වුවද මන්ත්‍රීවරුන් හට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට පසුබට නොවන පසුබිමක, දෛනික ආදායම් ලබන්නන්ගේ වියදම සපුරාලිය යුත්තේ රාජ්‍ය සේවකයන්ගේ ආදායමෙන් යැයි රාජ්‍ය අමාත්‍යවරයා සිතීම හාස්‍යජනක බව ජනතාවගේ අදහසයි


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...