27 C
Colombo
Monday, May 6, 2024

මංගලගේ නික්ම යාමෙන් මා දැඩි සේ කම්පාවට පත්විය – සමන්තා පවර්

- Advertisement -

මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම මුදල් අමාත්‍යවරයෙකු ද වන මංගල සමරවීර මහතාගේ වියෝවෙන් තමා දැඩි සේ කම්පාවට පත්වූ බව USAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසන්නේ ඔහු තමා දැඩි සේ ඇලුම් කළ මිතුරෙකු බවයි.

ඇය තැබු සටහන පහතින්

“මංගල දේශපාලනයට පිවිසියේ කුරිරු සිවිල් යුද්ධයක් පවතින සමයකයි. ඒ ඔහු සියළුම ශ්‍රී ලාංකිකයින් සඳහා සාමය, සමගිය සහ ගෞරවය ලබාදීම ගැන සිහින මැවූ බැවිනි. ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලූ “මව්වරුන්ගේ පෙරමුණ” ආරම්භ කිරීමටද ඔහු දායක විය.

මංගල යුක්තිය සහ සංහිඳියාව වෙනුවෙන් සටන් කළේය. විදේශ ඇමති වශයෙන් ඔහු අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට සහ යුද්ධයෙන් විපතට පත් වූවන්ට සහ දිවි ගලවා ගත් අයට වන්දි ගෙවීම සඳහා මැදිහත් විය. මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු යුද්ධයෙන් පසු අන්ත අසරණ වූ පවුල් විසින් ලබා ගත් ණය සඳහා ණය සමාවක් දීමට කටයුතු කළේය.

මංගලට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට ය. එමෙන්ම, එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඔහු සමඟ කටයුතු කිරීමට හැකිවීම ගැන ගැන මම කෘතඥ වෙමි. ඔහු මා දන්නා ඉතාමත් කැපී පෙනෙන රාජ්‍ය සේවකයෙකු වන අතර ඉතා ගැඹුරු අදහස් ඇත්තෙකි. ඔහුගේ ඥානවන්ත උපදෙස්, අතිමහත් ඥානය සහ මිත්‍රත්වය යන දුර්ලභ ත්‍යාගයන් ඔහුගේ වියෝවත් සමඟ මට මග හැරෙනු ඇත.”


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...