33 C
Colombo
Tuesday, April 30, 2024

අපි සූදානම් වෙලා හිටියා නම් සිංහල අවුරුදු පොකුර නිර්මාණය වෙන්නෙ නෑ

- Advertisement -

සූදානම්ව සිටියේ නම් සිංහල අවුරුදු පොකුරක් නිර්මාණය නොවී තිබීමට ඉඩ තිබූ බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ, ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“අපි අතින් වැරදි අඩුපාඩුත් සිද්ධ වුණා. සමහරක්විට අපට සිංහල අවුරුදු පොකුර කියලා එකක් නිර්මාණය වෙන්නෙ නෑ අපි සූදානම් වෙලා හිටියා නම්.

හතළිස් තුන් දවසක් වෙනවා පළවෙනිදා හතර වෙනකොට මේ අපි කොරෝනා වසංගතයත් එක්ක ඇඳිරි නීතිය, එහෙම නැත්නම් කොරෝනා ඇඳිරි නීතිය, පෙළක් අය කියනවා හයිබ්‍රිඩ් ඇඳිරි නීතියක් කියලා. අපට අර සුපුරුදු හදිසි නීතියට නැත්නම් ඇඳිරි නීතියට බාහිරව තමයි ඊට පිටස්තරව තමයි මේ දේ කළේ අපි.

අපි බලාපොරොත්තු වෙනවා පළවෙනිදා උදේ හතරට මෙය නිදහස් කළාට පසුව යම් යම් සීමාවන් තාමත් අපට යොදන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර් පළාත් ප්‍රවාහන සේවය, විශේෂයෙන්ම දුම්රිය තව සති දෙකක කාලයක් තුළ අපි මේක විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව අනෙකුත් සියලුම දාන සීමාවන් ලබන සති දෙකට සීමා කරලා තියෙනවා. ඒ සති දෙක ඇතුළත එන ව්‍යාප්තියන් සහ ඒ සති දෙක ඇතුළත වෙන ක්‍රමවේදයන් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊට පසුව තවදුරටත් මේ සම්බන්ධව යම්කිසි විදිහේ නිදහස් කිරීම් ඇතිකරන්න”


RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...