32 C
Colombo
Sunday, May 5, 2024

25 අධ්‍යාපන කටයුතු ඇරඹීමට තිබියදී අද පාසලක අගුළු කඩලා

- Advertisement -

වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප්‍රාථමික පාසලේ අගුළු කඩා ඇතුළු වීමක් පිළිබඳව වාර්තා වනවා

අද දින පාසල ඇරඹීමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු මෙලෙස පාසලේ ප්‍රධාන පිවිසුමේ අගුළු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කර ඇති බවයි වාර්තා වන්නේ.

ළමුන් 200 අඩු පාසල් අද දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත් නමුත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති දැනුම් දී සිටියේ 25වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බවයි.

එලැඹෙන 25 වැනිදා සඳුදා ගුරු විදුහල්පති සියලූදෙනා පැමිණෙන බව අදාල වෘත්තීය සංගම් දැනුම් දී තිබෙන බවත් ගුරු-විදුහල්පතිවරුන්ගේ අර්බුදය කලබලයකින් තොරව, ඉතා සුහදශීලීව විසඳා ගත යුතු කරුණක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද පවසා සිටියා.

වැලිමඩ මාලිගාතැන්න ප්‍රාථමික පාසලේ ගුරුඅරයෙකු ඉබියතුරු කඩා පාසලට ඇතුළු වී තිබුණේ මෙවැනි පසුබිමකයි.

පාසලේ ආරක්ෂාවට ඉබියතුරුදමා වසා තිබූ ප්‍රධාන පිවිසුම බලහත්රකායෙන් විවෘතකර ඇතුලූවිමට එරෙහිව එහි විදුහල්පති ඩබිලිවි.ඇමි. ගුණවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් සඳහන්.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...