33 C
Colombo
Friday, May 3, 2024

වැලිකඩ බන්ධනාගාරයට CCTV සවිකෙරේ

- Advertisement -

කොළඹ පන්ධනාගාර පද්ධතිය තුළ CCTV ආරක්ෂීත කැමරා පද්ධති සවිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය යන ස්ථානවල මෙම ආරක්ෂිත කැමරා පද්ධති සවිකෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ගෙන ඒම මෙන්ම බන්ධනාගාර තුළින් එවැනි ද්‍රව්‍ය පිටතට ගෙන යාම, බාහිරින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරවලට රැගෙන ඒම හා බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම ආරක්ෂිත කැමරා සවි කරන බව සදහන්.

පෞද්ගලික සමාගමක් විසින් මෙම ආරක්ෂීත කැමරා පද්ධතිය සවි කිරීම හා නඩත්තුව සිදු කරන බවයි චන්දන ඒකනායක මහතා සදහන් කරන්නේ.

මීට අමතරව ජංගම දුරකථන සංඥා අවහිර කරන ජෑමර් යන්ත්‍ර සවිකිරීමේ කටයුත්තක් මේ දිනවල මහර බන්ධනාගාරයේ සිදුකෙරෙමින් පවතින බවද ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...