27 C
Colombo
Tuesday, May 7, 2024

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 37 ක් පිළිබදව පොලිස්පති හෙළිකරයි

- Advertisement -

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 37 දෙනකු මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස්පතිවරයා සදහන් කරනවා.

අදාළ නිලධාරීන්ගේ නමන් ලැයිස්තුවක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමු කර ඇති අතර, මීට අදාළ පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

එම නම් ලැයිස්තුව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ, කළුතර, බස්නාහිර පළාත දකුණ සහ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කර ඇති තිබෙනවා.

මෙම නිලධාරීන්ගෙන් 28 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්ද, හය දෙනෙක් කළුතර ප්‍රදේශයෙන්ද, දෙදෙනෙක් බස්නාහිර පළාතේ උතුරු ප්‍රදේශයෙන්ද, එක් නිලධාරියෙක් බස්නාහිර දකුණ ප්‍රදේශයෙන්ද වාර්තා වනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇත්තේ එම නිලධාරීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුකරන ලෙසත්, අනාවරණය වන කරුණු මත නිලධාරීන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙසත්ය.

එමෙන්ම එම නිලධාරීන් සේවයෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳ ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තා ඉදිරිපත් කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම නම් ලැයිස්තුවට ඇතුළත් පොලිස් නිලධාරීන්ගේගෙන් බහුතරයක් ගංජා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ලෙස නම්කර තිබෙනවා.

නමුත් එම ලැයිස්තුවේ තවත් කිහිප දෙනෙකු ‘අයිස්’ මත්ද්‍රව්‍යටත්, දෙදෙනෙකු ‘හෙරොයින්’ මත්ද්‍රව්‍යටත් ඇබ්බැහිවූවන් බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සදහන්.


RECENT ARTICLES - SINHALA

වසා දැමූ කිරි කම්හල වහා අරින්න

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මරදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව...

ව්‍යාපෘති 11ක වැඩ ඉක්මන්ට ඉවර කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී...

කල්නාට්කුලම් ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ආරවුලක් දුරදිග යාමෙන් කෝප වූ බැනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබෙනවා. ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....