33 C
Colombo
Monday, May 6, 2024

පොහොර නැව ආවට බඩු බාන්න අවසර නෑ..! – කෘෂිකර්ම අමාත්‍යාංශය

- Advertisement -

හානිකර බැක්ටීරියා සහිත බවට නැවත නැවතත් තහවුරු වූ අහිතකර චීන කාබනික පොහොර රැගැත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදේ වැලිගමට නාවික සැතපුම් 61 ක් දුරින් ඇති බව නාවික හමුදා ගමනාගමන වෙඩ් අඩවිය තහවුරු කර සිටිනවා.

කෙසේ වෙතත්, අදාල නෞකාවේ ඇති කාබනික පොහොර මෙරටට ගොඩබෑමට කිසිඳු අවසරයක් ලබාදී නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

අදාළ නෞකාවට පොහොර පැටවීම සඳහා ද කිසිදු අවසරයක් මෙරටින් නිකුත් කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

එමෙන්ම, නෞකාවේ ඇති කාබනික පොහොර සාම්පල තුන්වන පාර්ශවයක් මගින් යළි පරික්ෂා කිරීමේ කිසිදු සුදානමක් නොමැති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එසේ පැවසුවද චීන කාබනික පොහොර සඳහා වන ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීමට තම බැංකුව බැඳී සිටින බවට මහජන බැංකුවේ රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසනවා.

පොහොර සාම්පල පරීක්ෂාවට පෙරම, කොන්දේසි මාලාවකට අනුකූලව ණයවර ලිපිය විවෘත කළ බවත් චීන පොහොර නැව මෙරටට පැමිණියේ එය පදනම් කරගෙන බවත් ඔහු පවසනවා.

වාණිජ බලපත්‍රයක් ලබා නොදීම නැව මෙරටට පැමිණ ඇති බව අමාත්‍යවරයා පවසන නමුත් නැවක් පැමිණෙන්නේ ලියවිලි මත මිස භාණ්ඩ මත පදනම්ව නොවන බව ඔහු පෙන්වා දෙනවා.

භාණ්ඩ සඳහා වන වගකීම ඇත්තේ ආනයනකරු සහ අපනයනකරු සතුව බවත් මුදල් නොගෙවන බවට දේශපාලඥයන් පැවසුවද ණයවර ලිපි විවෘත කර මෙරටට පැමිණි නැවට ඩොලර් මිලියන 09ක මුදල ගෙවීමට මහජන බැංකුව බැඳී සිටින බවත් ඒ මහතා පවසනවා.

මේ දක්වා අදාල ගෙවීම් සිදු කිරීමට මහජන බැංකුවට නොහැකි වූයේ අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...