30 C
Colombo
Saturday, May 4, 2024

සතොසෙන් අව්‍යශ්‍ය නොවෙන භාණ්ඩත් මිලදී ගන්නැයි බන්දුලගේ නියෝගය නීති විරෝධියි – ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

- Advertisement -

දිවයින පුරා ඇති සතොස ශාඛා තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීම අනිවාර්ය කර තිබීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසනවා.

පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ 5 මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසන්නේ මෙවැනි නීති විරෝධී ආකාරයට කටයුතු කරන ආයතන පිළිබදව පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ හැකි බවයි.

“විශේෂයෙන් රාජ්‍ය ආයතනයකට ගියාම කියනවා නම් තමන්ට අවශ්‍ය භාණ්ඩය මිලදී ගන්න වෙන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක් මිලදී ගත්තාම පමණයි කියලා ඒක නීතියට පටහැනියි. පාරිභෝගික ආරක්ෂණ පනතේ 11 වන වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, කොන්දේසිවලට යටත්ව තමයි ලබාදෙන්නේ කියන එක කියන්න බෑ කියලා. එවැනි තත්ත්වයක් තිබෙනවා නම් පාරිභෝගිකයා කළයුතු වන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියට දැනුම්දෙන එක.”

කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ සතොස මගින් ලැබෙන සහනය මුවාවෙන් ඇතැම් ජාවාරම්කාර වෙළෙඳුන් භාණ්ඩ වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා අමතර භාණ්ඩ 5ක් මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...