32 C
Colombo
Sunday, May 5, 2024

නැනෝ වංචාව: තමාට අපහාස නොකරන්නැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලයි

- Advertisement -

2020 නොවැම්බර් මස 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් සිදුකරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ වරප්‍රසාද කඩවීම පිළිබඳව අද (22) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.

නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයේදී වැඩිමිලට ආනයය කිරීමක් සිදුව ඇති බවටත් පොහොර ආනයනය සිදුකරනු ලබන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පොහොර අමාත්‍යංශයෙන් බවටත් කෘෂ්ඊකර්ම අමාත්‍ය මහින්දානනද අළුත්ගමගේ මහතා විසින් පසුගිය 18වැනිදා සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් පසුගිය 19වැනිදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ මෙම වංචාව පිටුපස සිටින්නේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි සොයාගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාගෙ වරප්‍රසාද කඩවී ඇති බවද, තමාට පෞද්ගලික අපහාසයක් සිදුව ඇති බවද, එකී ප්‍රකාශය මගින් එම මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පණත සහ ස්ථාවර නියෝග 91 (උ) උල්ලංඝණය කර ඇති බවද තමා විශ්වාස කරන බවයි.

එබැවින් ස්ථාවර නියෝග 22-10 යටතේ පුද්ගලික පැහැදිලි කිරීමක් සිදු කිරීමටත් ස්ථාවර නියෝග 22-11 යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමටත් හා ස්ථාවර නියෝග 118 යටතේ වරප්‍රසාද ප්‍රශ්නය ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමටත් තමා අපේක්ෂා කරන බව ඔහු එහිදී කථානායකවරයාට දැනුම් දී සිටියා.

පොහොර සහනාධාරය වෙනුවට ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනායනය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරුකිරීමේ ජාතික වැඩපිළිවෙලේ කොටසක් ලෙස බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ආනයනය කිරීම සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන ‘කල්ම්බෝ කමර්ෂල් ෆර්ටිලයිසර්’ සමාගම හරහා බවත් එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කළ බවත්, විශේෂයෙන්ම එම ආනයනය කිරීම සිදුකොට ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය සහ නිර්දේශය සහිතව බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ආන්දෝලනයකට තුඩු දී ඇති චීන පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ නිර්දේශය සහිතව, ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව සිදුවූ බවත් තමා ඊට කිසිඳු ලෙසකින් මැදිහත් නොවූ බවත් ඔහු පවසා සිටිනවා.

එමෙන්ම සියළු තනතුරු වලට වඩා තමාහට වටින්නේ තමා ආරක්ෂා කරගන්නා හොඳ නම බවත් එබැවින් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවටත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් උක්ත පුවත පල කළ මාධ්‍ය ආයතන වලට දැනුම් දී සිටියේ එම පුවත නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...