29 C
Colombo
Friday, May 3, 2024

මෝඩයෝ කෑගැහුවට අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ..!

- Advertisement -

නිෂ්පාදන ආර්ථිකයක් අරමුණු කරගත් මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය හිමිවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාර එල්ල කළද සිය පක්ෂය එම ප්‍රහාරයන් ගනන් නොගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

රජයත් සමඟ කිසිඳු ප්‍රශ්නයක් තම පක්ෂයට නොමැති බවයි ඔහු පවසන්නේ.

“මේ අයවැය හැර වෙන අයවැයක් ගේන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් ඇවිල්ලා කරන්න පුළුවන්. ඒත් මේ තියෙන තත්ත්වයත් එක්ක විශාල අර්බුදයක අපි ඉන්නේ. ඒ නිසා මේ වෙනතෙක් තිබුණු වාණිජ අයවැය වෙනුවට නිශ්පාදන ආර්ථිකයක් අරමුණු කරගත් ආර්ථිකයක් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. යම් සාධනීය කරුණු ගණනාවකුත් තියෙනවා. ආණ්ඩුවක ඉන්නවා නම් ඊට අවශ්‍ය ශක්තිය දිය යුතුයි” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවද බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඔහු පවසා සිටියේ වත්මන් ඇමති මණ්ඩලය විහිළු සහගත නම් යොදමින් සකස් කර අපහසුතාවට පත් කළේ බැසිල් රාජපක්ෂ මහතා සහ පී.බී. ජයසුන්දර මහතා එකතු වී බවත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත්ය.

එමෙන්ම තමා ඉල්ලා අස්වීමට සූදානම් බවත් මින් පෙර ඔහු ප්‍රකාශ කර සිටි අතර වයඹ මහඇමති සටනේදී වයඹ පළාතේ ජීවත්වන තමන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අභියෝගයක් නොවන බවත් ඔහු පවසා සිටියා.

එමෙන්ම, එම ගැටළුකාරී කාලයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධවද ඔහු ප්‍රභල අනාවරණයක් සිදුකර සිටියා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...