33 C
Colombo
Tuesday, April 30, 2024

තවත් කෝටි ගණනක මැණිකක් හමුවේ

- Advertisement -

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික මෙය බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ.

එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව ඇති අතර බලංගොඩ ප්‍රදේශයෙන් එම මැණික ඔහු මිලදී ගෙන ඇත.

එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවයි පැවසෙන්නේ.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබෙනවා.

මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවත් කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...