26 C
Colombo
Saturday, May 11, 2024

ගෑස් සිලින්ඩර් 233 ක් පුපුරලා – ඇමති ලසන්ත අලගියවන්න

- Advertisement -

2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබෙන බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගෑස් සිලින්ඩර් පුපුරායාමේ සිදුවීම් සම්බන්ධයෙන් සැඟවිය යුතු කාරණයක් නොමැති බවයි.

එහෙත් කෙටි කාලයක් තුළ අවස්ථා ගණනාවක දී මෙවැනි සිදුවීම් වාර්තාවීම ගැටළු සහගත බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සොයාබැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය සම්බන්ධයෙන් එහි මතුපිට සඳහන් කර ඇති බවත් වෙළෙඳ පොළේ තිබෙන ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය මැන බැලීමට හැක්කේ එය පරීක්ෂා කිරීමෙන් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා මේ...

අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

Update වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබෙනවා. අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත්...

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...