27.5 C
Colombo
Sunday, April 28, 2024

ගෑස් ප්‍රශ්නය ගැන ආණ්ඩුව හොඳටම කරගෙන යනවා – ඇමති එස්.ඇම්. චන්ද්‍රසේන (වීඩියෝ)

- Advertisement -

ජනතාවගේ ආරක්ෂාව සපයන රජයක් ලෙස ගෑස් සිලින්ඩර පිපිරීමේ තත්ත්වය ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් පවතින බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවෙම ඇති ගෑස් සිලින්ඩර ලක්ෂ ගණනකින් කිහිපයක් පමණක් මේ වන විට පුපුරා ඇති බවයි.

කෙසේ වෙතත් ගෑස් සිලින්ඩර පිපිරීම මෑත කාලයේ වැඩිවී ඇති බැවින් ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදීත්, ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලදීත් සාකච්ඡා කර ඊට අවශ්‍ය කරන පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ අදාළ පිපිරීම් සම්බන්ධයෙන් පාරභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන තුෂාන් ගුණවර්ධන මහතා පිළිබදව සැක කරන බවයි.

ඔහු එම තනතුරින් ඉවත්ව ගිය පසු ගෑස් පිපිරීම් වැඩිවී ඇති බව එස්.එම්. චන්ද්‍රසේන මහතා පෙන්වා දෙනවා.

මේ පිළිබදව සොයාබලන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...