25 C
Colombo
Monday, May 20, 2024

මිනිස්සුන්ට කන්න දෙන්න – නීතිඥ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

- Advertisement -

අවශ්‍ය සියලු පාර්ශව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය, කිරිපිටි, ඖෂධ හා ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට ක්‍රියාමාර්ග ගන්නැයි කැබිනට් මණ්ඩලයට හා වගකිව යුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (25) ගොනු කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟවීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑමක් එල්ලවන බවයි.

වහාම මෙම තත්ත්වය සමනය නොකලහොත් තවදුරටත් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑම් එල්ලවිය හැකි බව ඔවුන් සිය පෙත්සම් දෙකෙන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ගොනුකල මෙම පෙත්සම් දෙකෙහි සදහන් වන්නේ හිඟයකින් තොරව ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අසමත්වීමෙන් ව්‍යවස්ථාවෙහි සදහන් කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශවකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...